පාසල් ගීතය
දිරි එඩි නැණ බල හදවත් තුළට කවා
පතුරා ඥාණා ලෝකේ
සැරදේ කිතු රැස් විහිදා
බෙරලපනාතර විදුහල් මාතා නංවා ජය කෙහෙළි .......//
හෙළ රජ විරුවන් සහ ගොවි දරුවන්
වියතුන් ඇදුරන් මහගත් කරුවන්
බිහිකල ජන සෙත සුවය සැදූ
සැරදේ පාසල් මව්නි ගරු.......//
දිරි එඩි නැණ බල හදවත් තුළට කවා
පතුරා ඥාණා ලෝකේ
සැරදේ කිතු රැස් විහිදා
බෙරලපනාතර විදුහල් මාතා නංවා ජය කෙහෙළි .......//
සාමය සමගිය එකමුතු භාවය
ඇතිකළ අප තුළ එඩිතර භාවය
සිප්සත පොවමින් සිදුකළ සේවය
සැරදේ පාසල් මව්නි ගරු .......//
දිරි එඩි නැණ බල හදවත් තුළට කවා
පතුරා ඥාණා ලෝකේ
සැරදේ කිතු රැස් විහිදා
බෙරලපනාතර විදුහල් මාතා නංවා ජය කෙහෙළි .......//